Wednesday, November 30, 2011

රැකියා ඉල්ලූ තරුණයින්ට ගුටි බැට සමග කදුළු ගෑස්

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයට මීට ටික වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස්  සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කළේය.
පොලීසිය විසින් එල්ල කරන ලද බැටන් පොලු ‍ප්‍රහාර නිසා සමාජවාදී තරුණ සංගමයේ තිදෙනෙකුට තුවාල සිදීවී ඇතියි ද ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව හදීසි අනතුරු ඒකකයේ අධ්‍යක්ෂ
 වෛද්‍ය ප්‍රසාද් ආරියවංශ පවසයි.සමාජවාදී තරුණ සංගමය මෙම විරෝධතාවය සංවිධානයකොට තිබුණේ 2012 වසර වෙනුවෙන් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අයවැයට විරෝධයපෑමත් අයවැයෙන් තරැණයන් අමතක කිරීමත් හේතුකොටගෙනය. සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණය නිසා කොළඹ කොටුව,ලේක්හවුස් හා ඒ අවට ප්‍රදේශය තුළ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය විය.







ජවිපෙ කට්ටිවාදීන් නිලතල රැකගන්න මාධ්‍ය සංදර්ශණයක


 lankahotnews.org
මතවාදීමය වශයෙන් තවදුරටත් ජවිපෙ දේශපාලනය සමග ගමනක් නොමැති ජවිපෙ කට්ටිවාදීන් ජවිපෙන් තමන්ට ලැබුණ නිලතල රැක ගැනීමේ මෙහෙයුමක් අරඹා තිබේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ  (29) කැඳවා තිබූ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම සඳහා සහභාගිවීමට ජවිපෙ කට්ටිවාදීන්ට සිදුව ඇත්තේ නීතිමය ක්‍රියාමාර්ග හමුවේ තම මතභේදකාරී සාමාජිකත්වය
රැක ගැනීමටයි.  මෙය සනාත වූයේ 29 ප.ව.3.00ට ජවිපෙ මධ්‍යමකාරක සභාව පවැත්වීමට යොදාගත් මෙහොතේම පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර මහතා කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී දේශණයක් සූදානම් කොට තිබීමත්  ජවිපෙ කට්ටිවාදී ජී කුලරත්න 29උදේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ඉදිරියේ ඇති තම පක්ෂ සාමාජිකත්වය කිසිසේත්ම අවලංගුවීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කිරීමෙන්ය. අදියර 5න් ජවිපෙ බලය ඇල්ලීම අවසන්වී ඇති අතර දැන් පුද්ගලිකව තම තමන්ගේ සාමාජිකත්ව රැක ගැනීමේ මෙහෙයුම අරඹා ඇති අතර එය අදියර 6කින් ක්‍රියාත්මක වන බවත ජවිපෙ කට්ටිවාදී ආරංචි මාර්ග ප්‍රකාශවේ. ඒ සදහා පලමු අදියර මධ්‍යම කමිටු දිනයට කෙසේ හෝ පැලවත්තට පැමිණීම අනිවාර්යය කොට ඇත.
කෙසේ නමුදු ජවිපෙ ඊයේ (29) පැවැති මධ්‍යම කාරක සභාව විසින් මතුවී ඇති දේශපාලන තත්වය පදනම් කරගනිමින් ප්‍රධාන තීරණ 03ක් ගත් බව එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. එනම් ජවිපෙ මධ්‍යම කාරක සභිකයින්  එහි නායකත්වය සහ ජවිපෙ විවේචනය කරමින් ප්‍රසිද්ධ රැස්වීම්වල හා පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කිරීම නැවැත්වීම, මධ්‍යම කමිටු සාමාජිකයින් විසින් ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීමේදී හා මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කිරීමේ දී පක්ෂයේ නිසි අවසරයක් සහිතව එම ප්‍රකාශ සිදුකිරීම, ජවිපෙ ව්‍යවස්ථාව සහ විනය උල්ලංඝණය කරන අය පිළිබද සොයා බලා පරීක්ෂණ සිදුකිරීමට විජිත හේරත්, ජිනදාස කිතුලේගොඩ, ලක්ෂ්මන් නිපුණආරච්චි යන මධ්‍යම කමිටු සාමාජිකයින්ගෙන් සමන්විත විනය කමිටුවක් පත්කිරීම එම තීරණ 03යි. 

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැති මධ්‍යමකාරක සභාවට ජවිපෙන් ඉවත්ව ගොස් සිටින මධ්‍යමකාරක සභිකයින්ට ආරාධනා කර තිබූ අතර ඔවුන් පැමිණියත් එම රැස්වීමට සහභාගි නොවූ බවත්  ඔවුන්ට එම මධ්‍යම කාරක සභාවට සහභාගී වී සාකච්ඡා කිරීමේ අරමුණක් නොතිබු බවත් ප්‍රකාශ කළේය.

ආශ්චර්යමත් පිවිසුමේ චාටර් වුනොත් දඩය රු5000යි


lankahotnews.org
හදිසි ආපදා අවස්ථාවකදී වාහන නතර කිරීමට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වෙන්කර ඇති මංතීරුවේ හේතුවක් නොමැතිව වාහන නතර තරන රියදුරන්ට රුපියල් 5000ක දඩයක් නියම කොට ඇත. ආපදා මංතීරුවේ සිට අවට සිරි නරඹන පිරිස්
වැලැක්වීම මෙහි අරමුණ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. ඊට අමතරව ආශ්චර්යමත් පිවිසුම අපවිත්‍ර කරන පුද්ගලයන් අල්ලා ගැනීමට වෙනම වැඩපිළිවෙලක් සකස් කොට ඇතැයිද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි

Tuesday, November 29, 2011

ටී.එන්.ඒ මන්ත්‍රීවරුන් හා යසුෂි අකාශි අතර හමුවක්


lankahotnews.org
ද්‍රවිඩ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක් අද(29) මෙරටට පැමිණ සිටින ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතා හමුවී තිබේ.

එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන් සත්දෙනෙකු
කොළඹ, හිල්ටන් හෝටලයේ දී යසුෂි අකාශි මහතා හමුවූ බව ද්‍රවිඩ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය, යුද්ධය නිමවූ පසුව තවමත් වාර්ගික ගැටලුව සඳහා දේශපාලන විසඳුමක් ලබාදීමට ප්‍රමාදවීම, උතුරු නැගෙනහිර පළාත්වල සිංහල ජනතාව නැවත පදිංචි කිරීම, එම පළාත්වල හමුදා පාලනයක් ඇතිකිරීම සහ සමගි සන්ධානය පිළිබඳව කතාකළ ද රජය ඊට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී ජපාන විශේෂ නියෝජිතවරයා දැනුවත් කළ බව ප්‍රේමචන්ද්‍රන් මහතා පෙන්වාදුන්නේය.

යුද්ධය නිමාවට පත්ව වසර 3 ට ආසන්න කාලයක් ගතව ඇති මෙම අවස්ථාව දේශපාලන විසඳුමක් සඳහා සුදුසුම අවධිය බව යසුෂි අකාශි මහතා එහිදී සඳහන් කළ බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

කඩිනම් දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධව රජයේ නියෝජිතයින් හමුව සාකච්ඡා කරන බව ද අකාශි මහතා අවධාරණය කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

ඇමති ජොන්ස්ටන් පොල් කයි


lankahotnews.org
පොල් හිඟය මඟ හැරවීම සඳහා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් රුපියල් හය ලක්ෂ අසූඅට දහස් පන්සිය දොළහක් වියදමකින් 22500ක් වූ පොල් තොගය විනාශ කළ බව අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. පොල් තොගය ලැබෙන විට  ශ්‍රී ලංකාවේ පොල් හිඟය මඟහැරී
තිබූ බැවින් මේ පියවර ගත් බව ඇමැතිවරයා ප්‍රකාශ කලේය.

දුමින්ද පැමිණි වහා අත්අඩංගුවේ-රහස් පොලිසිය


lankahotnews.org
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතන සිද්ධියේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ලංකාවට පැමිණි වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව රහස් පොලිසිය අද(29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.


ඒ අදාළ පැමිණිල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද කැඳවු අවස්ථාවේදී ය.

දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මේ වන විට අධ්‍යයනයක් සිදුකරමින් සිටින බව රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි ‍සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අධිකරණයට දැනුම් දී සිටියේය.

එමෙන්ම ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

සැකකාර මන්ත්‍රීවරයා ශ්‍රි ලංකාවට පැමිණි පසු නීතිපති උපදෙස් මත අධිකරණය නියෝගය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

Monday, November 28, 2011

මහරජ අන නොතකා බණ්ඩාරවෙල අයවැයත් ආණ්ඩුව පරදවයි


lankahotnews.org
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි බණ්ඩාරවෙල ප්‍රාදේශිය සභාවේ අයවැය පරාජයට පත්ව තිබේ.
 එහි සභාපති උදය කිත්සිරි පැවසුවේ, අයවැයට පක්ෂව ඡන්ද 4ක් ලැබී ඇති අතර ඊට විපක්ෂව ඡන්ද 5ක් ලැබුණු බවයි.

ඒ සඳහා රහස් ඡන්දයක් පැවති අතර එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඊට විපක්ෂව ඡන්දය භාවිත කර ඇති බව ද ඔහු පැවසීය.ඔහු සඳහන් කළේ, ඒ අනුව එක් වැඩි ඡන්දයකින් අයවැය පරාජයට පත් වූ බවයි.
මන්ත්‍රීවරු 9 දෙනෙක් නියෝජනය කරන බණ්ඩාරවෙල ප්‍රාදේශිය සභාවේ  6දෙනෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර අනෙක්  තිදෙනා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු වෙති.

අධිවේගයේ පළමු රිය අනතුරින් පුද්ගලයින් දෙදනෙකුට තුවාලයි..


 lankahotnews.org
දක්ෂිණ අධිවේගි මාර්ගයේ වෑන් රථයක් පෙරළීමේන් පුද්ගලයින් දෙදනෙකු තුවාල ලබා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ පැවසුවේ අද පෙරවරු 7.15 ට පමණ කහතුඩුවට කිලෝමිටර් 8 ක් දුරින් එම අනතුර සිදුව ඇති බවය
.වෑන් රථය ලිස්සා යෑමෙන් පෙරළි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.තුවාල ලැබුවන් හොරණ රෝහලට අතුලත් කර තිබේ.

කොටි මහවිරු සැමරුම් අත්හදා බලයි


lankahotnews.org
හිටපු කොටි නායක වෙළුපිල්ලේ උපන් දිනය වෙනුවෙන් කොටි හිතවාදී පිරිස් ත‍්‍රිකුණාමලයේ ස්ථාන කිහිපයකදී පත්‍රිකා බෙදා හැරීමක් හා පෝසටර් ව්‍යපාරයක් දියත් කොට ඇත. සාම්පූර් අවතැන් වැසියන් වෙසෙන කිලිවෙඞ්ඩි සුභසාධන මධ්‍යස්ථාන භූමියේ දමාගොස් තිබූ
අත්පත‍්‍රිකා කිහිපයකින් පැවසෙන්නේ කොටි නායකයා මිය නොගිය බවත්
කිසිදිනෙක කොටි නොනවතින බවත් කොටින්ගේ විශ්වාසය දෙමළ ඊළම බවත්ය. මේ අතර ත‍්‍රිකුණාමලය සාම්පල්තිවු ප‍්‍රදේශයේ රතු පැහැ අකුරින් ලියා අලවා තිබූ පෝස්ටර්වල සඳහන් වූයේ සිරස නමා ජීවත් නොවන ලෙසත් ජනතාව වෙනුවෙන් මැරුණු විරුවන් සිහිකරන ලෙසත්ය.

යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා කොටි හිතවාදීන් විසින් වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ උපන්දිනය යෙදුනු ඊයේ දිනයේදී (27) පෝස්ටර් ඇලවීම්, පහන් දැල්වීම් ඇතුළු සමරු උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. පසුගිය වසරේදීද මියගිය කොටි නායකයා සිහිකර යාපනයේ සරසවිය තුල පහන් දල්වා සිහි කිරීමේ උත්සව පවත්වා තිබුණි නමුත් මෙවර එම කටයුතු සාර්ථක කොට ගැනීමට නොහැකිවී ඇත.

දිරිය දරුවෝ දේශපාලනයට යොදාගත් සංවිධායකයින් ගුටි කයි!


”දිරිය දරුවෝ ළමා පදනම” ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ පැවැත්වූ තෑගි බෙදීමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා ජනපති බිරිය ශිරන්ති රාජපක්‍ෂ ඇතුළු පිරිසක් සහභාගීවන බව පවසමින්
තෑගි බෙදා දීමේ උත්සවය සංවිධානය විය. නමුත් පැය ගණනක් ගියද ප්‍රධාන අමුත්තන් මීට සහභාගී නොවීය. උත්සවය පමා කිරීම නිසා ප‍්‍රකෝප වූ පිරිස් සංවිධායකයනට පහරදෙන්නට වූහ. තෑගි කොල්ලකෑහ. රැස්වීම අවසන්වනතුරුත් ආරාධිතයෝ නොපැමිණියහ. පන්දහසක් පමණ දෙනා මේ උත්සවයට ආහ. උත්සවය සංවිධානය කළ බව කියන හත්දෙනකු අත්අඩංගුවට ගෙන හතරදෙනකු පොලිස් ඇප මත මුදා හළ බව පොලිසිය කියයි. ජන්දයක් ලංවූ විටක නම් දරුවන් මෙවැනි දේශපාලන කටයුත්තකට සහභාගීකර දෙමව්පියන්ගේ ජන්දය කොල්ලකන දේශපාලකයින් හා ඉන් ලකුණු දමා ගන්නා සංවිධායකයින් අපමනය. ජන්ද නොමැති කලක දේශපාලකයින් මේවාට යොදවා ගත්විට දැන්නම් ලැබෙන්නේ ගුටි පූජාය. 

Don't let todays moment forsake tomorrows dream.