Saturday, December 3, 2011

තරුණ සමාජවාදීන්ගේ පාගමනට කල ප්‍රහාරය හෙලා දකිනවා – ලෝක ප්‍රජාතන්ත්‍රවාදි තරුණ සංගමය


 lankahotnews.org
තරුණයින්ගේ විරැකියා ප්‍රශ්නයට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද අයවැයෙහි සහන නොමැති බව පවසමින් තරුණ සමාජවාදි සංගමය පැවැත්වූ පාගමනට අමානුෂික ලෙස පහරදීම ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය හෙලා දකියි. මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුලත් කර ඇත.  http://www.wfdy.org/

ලෝක ධනවාදයේ අර්බුදයට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ලෝකවාසී ජනතාවට මිස ධනපති පංතියට නොවේ.
වර්තමානයේ ලෝකය පුරා ධනවාදී ආණ්ඩු විසින් ඉදිරිපත් කරන අයවැය ප්‍රකාශන දෙස අවධානය යොමු කිරීමේදී මේ බව වඩා තහවුරු වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් නොවැ. 21 දින ඉදිරිපත් කරන ලද 2012 අයවැයද එම තත්වයන් වඩා තහවුරු කරමින් තිබේ. එම අයවැය මගින් ලංකාවේ තරුණයින්ට සහ වැඩකරන ජනතාවට ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රධාන ප්‍රශ්නයක් වන තරුණයින්ගේ රැකියා ප්‍රශ්නය සම්පූර්ණයෙන් අමතක කර දමා තිබේ.
එම තත්වයන්ට විරෝධය පලකරමින් අප සංවිධානයේද සාමාජිකත්වය දරන සමාජවාදී තරුණ සංගමය විසින් මුදල් අමාත්‍යාංශය දක්වා ගිය විරෝධතා පාගමනට ශ්‍රී ලංකා පොලිසිය විසින් කෘර ලෙස පහරදී තිබෙන අතර ඉන් තරුණයින් 15 අධික ප්‍රමාණයක් තුවාල ලබා තිබේ. කෙසේ වෙතත් එම විරෝධතා ව්‍යාපාරය අති සාර්ථක වූ බවද අප සංවිධානයට වාර්තා වේ.
කෙසේ වෙතත් මෙය එක් උදාහරණයක් පමණක් වන අතර ලෝකය පුරා සියලූ රටවල ජනතා අරගල මර්ධනය කිරීම සඳහා ලෝක ධනවාදය නොයෙක් ක්‍රියාමාර්ග තෝරමින් සිටී. මේ අවස්ථාව අප සහෝදර සමාජවාදී තරුණ සංගමයේ අරගලය සඳහා සුභපැතීමට යොදා ගන්නා අතර ඔහුන්ගේ සියළු අරගලයන් හා එකපෙළට සිට ගන්නා බවද ප්‍රකාශ කර සිටිමු. මෙම සියළු අරගලයන් ලෝකවාසී ජනතාවගේ අයීතීන් වෙනුවෙන් සිදුකරන අතර සියළු මර්ධනයන් හමුවේ නොසැලී එම තත්වයන්ට මුහුණ දීමට අප සංවිධානය සූදානමින් සිටින බව ද වැඩිදුරටත් අවධාරණය කරමු.

රජරට වෛද්‍ය පිඨ අර්බුදයට විසදුම ශිෂ්‍ය සංගමය තහනම් කිරීමද?


 lankahotnews.org
පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් රජරට වෛද්‍ය පීඨ සිසුන්ගේ පන්ති තහනම් කිරීම සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය තහනම් කිරීම
බරපතල ගැටලුවක් බවයි.
රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ සායනික පුහුණුව 2011 මැයි මස 9 වෙනි දින ආරම්භ කිරීමට නියමිතව තිබුනත්. එයට අවශ්‍ය මහාචාර්ය ඒකකය( විශේෂඥ වෛද්‍යවරු හා මහාචාර්ය ‍වෛද්‍යවරු සිටින රෝහලක්) තවමත් කිසිදු ඉදිකරීම් කටයුත්තක් සිදු නොකර බිත්ති වලට පමණක් සීමා වී තිබුණි. මේ වන විට රාගම, කරාපිටිය හා කොළඹ යන වෛද්‍ය  පීඨවල සිසුන් සායනික පුහුණුව ආරම්භ කර තිබුණත්  මෙම මහාචාර්ය ඒකකය නොමැති වීම නිසා තම සායනික පුහුණුව කල් ගතවිය. එම ශිෂ්‍ය සංගම් නියෝජිත ඒ. ඩී. පී. බණ්‌ඩාර ශිෂ්‍යයා පැවසුවේ රජරට සිසුන් සමඟ 2006වසරේ දී ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍යපීඨයට ඇතුළත් වූ සිසුන් මේ වනවිට වෛද්‍ය උපාධිය අවසන් කරසිටින අතර එම වසරේදී රාගම, කොළඹ, යාපනය යන වෛද්‍ය පීඨයන්ටඇතුළත්ව සිටින සිසුහු ලබන දෙසැම්බර් මාසයේ දී උපාධිය
සම්පූර්ණ කර ඇති බවයි.     රජරට වෛද්‍ය සිසුන් මෙම ගැටලුවට මුහුණ දී සිටින්නේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීම සඳහා  අවශ්‍ය පහසුකම් නොලැබීම නිසා යනුවෙනි.  මෙම ප්‍රශ්නය විසදනවා වෙනුවට ආණ්ඩුව කලේ සිසුන් හය දෙනෙකුගේ පන්ති තහනම් කර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය තහනම් කිරීමයි.